Colombo Today Local News

ජාතික ක්‍රීඩා අරමුදල් ගැන ෂම්මි කල ප්‍රකාශය අසත්‍යයි. – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කියයි

ජාතික ක්‍රීඩා අරමුදල් සම්බන්ධව ෂම්මි සිල්වා මහතා කල ප්‍රකාශය අසත්‍යක් බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය නොවැම්බර් 08 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දී ෂම්මි සිල්වා මහතා පදනම් විරහිතව අසත්‍ය හා සාහසික ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දුන් මුදල් හිතවතුන් අතර බෙදා දෙමින් අවභාවිතා කළේයැයි ක්‍රීඩා අමාත්‍යවරයා වෙත චෝදනා එලල් කළේය.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ජාතික ක්‍රීඩා අරමුදලට බැර කල මුදල් වියදම් වූ ආකාරය පිළිබදව සවිස්තරාත්මක වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

මාධ්‍ය ඉදිරියේ මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් සිදු කරමින් ජනතාව නොමග යවමින් තම බලය රැකගැනීමට වියරුවෙන් කටයුතු කරන ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් පරිපාලනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කිසිදු වැඩපිලිවෙලක් නොමැති බවත්, අති විශාල වරප්‍රසාද ලබන නිළධාරීන් තම සේවාව, වගකීම නිසියාකාරව සිදු නොකරන බවත්, ඔවුන් හට ක්‍රිකට් සම්බන්ධව නිවැරදි දැනුමක් හා දැක්මක් තිබුණිනම් පසුගිය ලෝක කුසළාන තරගාවලි‍ය ලෝක වාර්තා පිහිටුවමින් අසාර්ථක ලෙස පරාජය නොවී රටේ කීර්තිය හා ගෞරවය රැකෙන අයුරින් ක්‍රියාකිරීමට හැකියාව තිබූ බවත් ඊයේ (12)දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති පුහුණුකරුවන්ගේ හා ක්‍රීඩකයින්ගේ මාධ්‍ය හමුවේ දී හෙළි වූ බව ඔවුන් පවසයි.

මෙම තත්ත්වය පෙර සිටම හදුනාගත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගිය T20 ක්‍රිකට් ලෝක කුසලාන ඕස්ට්‍රේලියානු සංචාරය පිළිබදව කුසළා සරෝජනී වාර්තාව සහ විගණනයේ ඉහලම ආයතනය වන ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාව අනුව දූෂිත හා අසාර්ථක ක්‍රිකට් පාලක මන්ඩලය විසුරුවා හැර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නංවාලියහැකි දක්ෂ පලපුරුදු අතුරු පාලක කමිටුවක් පත් කළද, බලය අත හැරීමට අකමැති පාලකයින් එහි රැදී සිටිමින් මාධ්‍ය හරහා අසත්‍ය හා පදනම් විරහිත චෝදනා පමණක් සිදු කරමින් ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනක් ප්‍රකාශ කරන අන්දමට තම රටට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පැනවීමටද මූලිකත්වය ගෙන ද්‍රොහී ක්‍රියාවක් සිදු කරමින් තම බලය රැකගැනීමට කටයුතු කරගෙන යන බව රටට ම හෙලි වී ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදල සදහා ලබා දී ඇති මුදල සහ මේ වන විට වැය කර ඇති මුදල පිළිබඳව ද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය නිකුත් කල මාද්‍ය නිවේදනයේ මෙසේ දැක්විණි.

Related posts

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

කොරියාවේදී ජාඇළ තරුණයකු පිහි පහරින් මරුට

Admin

කොරෝනා ආසාදීතයින් ගණන තවත් ඉහළට

colombotoday

” පාන් කනවා වෙනුවට නරකද මුං ඇට ටිකක් කන එක… හාල් හිඟයක් දැනුත් තියෙනවා “

colombotoday

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday

නැගෙනහිර පළාතේන් පැය 24 ට කොව්ඩ් ආසාදිතයන් 42ක් සොයා ගනී

colombotoday