Colombo Today Local News

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

අද (09) රාත්‍රී 11.30 වන තෙක් වලංගු ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් විමසිලිමත් වන ලෙස ජනතාවට දැනුම්දෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කියයි.

අකුණු මඟින් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

ප්‍රදේශ කිහිපයකට යළි අනතුරු ඇඟවීම්

Admin

IOC විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම ප්‍රතික්ෂේප කරයි

colombotoday

ජවිපෙ 20 සම්මතවුණොත් ජනපති අර්ජුන් අලෝසියස්

colombotoday

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

බොදු බල සේනා සංවිධානය පාස්කු ප්‍රහාරයට මූලික හේතුවක් ලු.| කොමිසමේ වාර්තාවෙන් අමුතු කතාවක්

colombotoday

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin