Colombo Today Local News

සිවුදෙනකු තියුණු ආයුධ සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගෙන ඔහු පදිංචිව සිටින දෙහිවල ධර්මපලාරාම පාරේ නිවසක් වටලා පරික්ෂා කිරීමේදී පුද්ගලයන් සිවුදෙනකු තියුණු ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කළුබෝවිල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් දෙහිවල ධර්මපාලාරාම පාරේ මාර්ග බාධක යෙදී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත් කුඩු මිලිගෑම් 20ක් සොයාගත් බව පොලිසිය කියයි.

අනතුරුව සැකකරු පදිංචි එම ප්‍රදේශයේ නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එම නිවසේ රැඳී සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන නිවෙස තවදුරටත් සෝදිසි කිරීමේදී නිවෙස තුළ තිබී කඩු හයක් පොලිස් භාරයට ගැනීමට හැකව තිබේ.

Related posts

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක්

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

colombotoday

ETI ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබදව ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

කිරිපිටි මිල යළි ඉහළ යන ලකුණු

colombotoday