Colombo Today Local News

සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් ඇනවුම් කරයි

සහල් ආනයනය බද්ද අඩු කිරීමෙන් පසුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා අද (4) පස්වරුවේ පැවසීය.

ආනයනකරුවන් රැසක් අද පස්වරුව වන විට ඉන්දියාවෙන් ‘පොන්නි’ සම්බා සහල් කන්ටේනර් දහයක් පහළවක් ආදි ප්‍රමාණ බැගින් ඇනවුම්කර ඇති බව කී නිහාල් සෙනෙවිරත්න මහතා ඉදිරියේදී තවත් ආනයනකරුවන් සහල් තොග ඇනවුම්කිරීමට කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

සහල් ආනයනයට ද ඩොලර් ප්‍රශ්නය හරස්ව ඇති බවත් ඩොලර් බාධාවකින් තොරව නිකුත් කරන්නේ නම් දේශීය සහල් මිල දින කීපයකින් රුපියල් 50 කින් පමණ පහළ දැමිය හැකි බවත් ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

Related posts

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday

නැන්දම්මාගේ අතපය ගැටගසා බෑණා 13 හැවිරිදි දැරිය අපයෝජනය කරලා

colombotoday

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම් ඇනහිටී

colombotoday

ජල ටැංකියක නැග දුම්රිය සේවකයින් විරෝධයක

Admin

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday