World

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

ඉන්දියානු ජාතිකයින් අට දෙනෙක්ට කටාර් රාජ්‍යයේ අධිකරණයක් විසින් මරණ දණ්ඩනය ලබාදී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එම අට දෙනා හිටපු නාවික නිලධාරීන් වන අතර ඔවුන්ට එරෙහිව එල්ලකළ චෝදනා සම්බන්ධයෙන් හෙළිකර නොමැත.

නමුත් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ කටාරයේ පුද්ගලික සමාගමක සේවය කරමින් සිටි එම පුද්ගලයින්ව ඔත්තු බැලූ බවට සැකපිට පසුගිය වසරේදී අත්අඩංගුවට ගැනුණු බවයි.

කටාර් බලධාරීන් හෝ ඉන්දීය බලධාරීන් එම පුද්ගලයින්ට එරෙහිව එල්ලකර තිබූ විශේෂිත චෝදනා මොනවාද යන්න හෙළිකර නොමැත.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඉන්දීය රජය පවසන්නේ ඒ සම්බන්ධයෙන් තමන් වික්ෂිප්ත වූ බවත් ඉදිරි ක්‍රියාමාර්ග ගැන කටාර් බලධාරීන් සමග සාකච්ඡා කරන බවත් ය.

විස්තරාත්මක නඩු තීන්දුව තමන් වෙත ලැබෙන තෙක් සිටින බව පැවසූ ඉන්දීය බලධාරීන්, ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන බව පවසයි.

Related posts

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

ජපාන අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත්වෙයි

colombotoday

රුසියානු කාර්යමණ්ඩලය සහිත තවත් ගුවන් යානයක් කඩාවැටේ

colombotoday

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

Admin

ආසාදිතයන් සහිත නෞකාවක මගීන් 4ක් මරුට

colombotoday