World

ඉන්දියාවේ සහායත් ඊශ්‍රායලයට

ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ දමමින්, දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරන ඊශ්‍රායලයට ඉන්දියාවේ සහය හිමිවන බවත්, ගාසා පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන්, ඊශ්‍රායලයට එරෙහිව ඉන්දියාවේ පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තාන විමුක්තිකාමී සංවිධානය, පිළිගත් පළමු අරාබි නොවන රට වන්නේ ද ඉන්දියාවය. එසේ වුවත්, වර්තමාන අර්බුදයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ හින්දු ජාතිකවාදී ඉන්දීය රජයේ සහාය හිමිවන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ රජයටය.

එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය කනස්සල්ල පළ කර තිබේ.

Related posts

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

Admin

වූහාන් නුවරින් තෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

තමිල්නාඩු ජය ලලිතාට

colombotoday

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

colombotoday

යෝධ සත්ව මස් ඇඹරුම් යන්ත්‍රයට හසු වූ මිනිස් ජීවිතය

colombotoday