World

G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..

ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ ලොව ධනවත්ම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයන් 7 හෙවත් G7 රටවල රාජ්‍ය නායක සමුළුව අදින්(19) ආරම්භ වෙයි.

මෙවර සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ හිරෝෂිමා නුවරදී ය.

ජපානය, අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය, එහි සාමාජිකයින් ය.

ලොව දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ එම රටවල් වේ.

සාමාජික රටවලට අමතරව මෙවර සමුළුව සඳහා රටවල් 8කට ඇරයුම් කර තිබේ.

එම රටවල් වන්නේ, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රසීලය, දකුණු කොරියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, කොමරෝස් සහ කුක් දූපත් ය.

මෙවර සමුළුවේදී රුසියාව සහ චීනය කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට නියමිතයි.

Related posts

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday

ඇමරිකාව කීවට නවත්තන්නෑ, දිගටම ගහනවා – රුසියාව කියයි

colombotoday

යේමනයේ දරුවන් දහස් ගණනක් මියගොස් – 537,000ක් මන්දපෝෂණයෙන්

colombotoday

කොරෝනා වෛරසය පැතිරවීම: ඉන්දියාවේ පැරණිම මුස්ලිම් සංවිධානය වන තබ්ලික් ජමාත්ට විරුද්ධව නඩු දමයි

colombotoday

ලෝක වෙළෙඳපොළේ රත්තරන් ගණන් උස්සයි

colombotoday

කොක්ස් බසාර්ටත් කොරෝනා වෛරසය ඇතුළුවෙයි

colombotoday