Colombo Today Local News

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් බලහත්කාරයෙන් සිරකර තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එහි සේවකයින් 13දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.

ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26)දින ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වේ.

මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු කාර්යාලයෙන් පිටවීම වැළැක්වීමට එහි සේවකයින් පිරිසක් ඊයේ පස්වරුවේ කටයුතු කර තිබුණි.

සේවක දීමනා ගැටලුවක් සම්බන්ධයෙන් ගැනුණු තීන්දුවක් මුල් කරගනිමින් එලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වේ.

Related posts

ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකිමින්, ඔවුන්ද සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්කිරීමේ වැඩපිළිවෙලක් !

colombotoday

“දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවේ.. කොවිඩ් පරීක්ෂණ කට්ටලත් නැහැ..”

colombotoday

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ… පළමු තැන් දිනූ හපන්නු මෙන්න…

colombotoday

එජාප ආසන 75 ක් ගත්තොත් මගේ වම් කන කපා ගන්නවා – මුතුහෙට්ටිගම කියයි

colombotoday

මිළ පහලටම වැටේ. තේ කර්මාන්තයට අසාධ්‍යයි

colombotoday