Colombo Today Local News

“දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවේ.. කොවිඩ් පරීක්ෂණ කට්ටලත් නැහැ..”

සෞඛ්‍ය අමාත්‍යාංශය දහස ඉක්මවා ලබාදෙන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවන බවත් එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෛනිකව සමාජයෙන් වාර්තා වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. කට්ටල නොමැති බවද හෙතෙම සඳහන් කරයි.

එසේම ඊළඟ කොවිඩ් රැල්ල මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවත් පාසල් අතර සීඝ්‍ර ලෙස කොවිඩ් වෛරසය ව්‍යාප්තවෙමින් පවතින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී ඇත.

විශේෂයෙන්ම ගැබිනි මව්වරු සේවයට කැඳවීම තුළ ඔවුන් වැඩි පිරිසකට කොවිඩ් ආසාදිත වී තිබේ.

එම නිසා ඔවුන් දැඩි පීඩනයට සහ මානසික ආතතියට ලක්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

එම නිසා ඔවුන් පිළිබඳව විධිමත් තීරණයක් ගන්නා ලෙස මහජන පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

Related posts

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

colombotoday

කඩවුණු පොරොන්දුව ගැන කියා කතක් ජනපති ඉදිරියේම ඇමතිට ලැජ්ජ කල හැටි (VIDEO)

colombotoday

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට ජපානයෙන් රුපියල් මිලියන 700ක ප්‍රදානයක්

colombotoday

හිටපු ජනපතිගේ ආරක්ෂකයෙක් හදිසියේ මිය යයි

colombotoday

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday