Colombo Today Local News

ව්‍යාපාරිකයකුගෙන් තර්ජනය කර කප්පම් ඉල්ලු පාතාලයයෙක් අත්අඩංගුවට

මුල්ලේරියාවේ ව්‍යාපාරිකයකුට දුරකතනයෙන් තර්ජනය කර රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මුල්ලේරියාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ, සැකකරු අංගොඩ දෙල්ගහවත්ත පාරේ පදිංචි (51) හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු දැනට විදේශ ගතව සිටින “පෙතියාගොඩ සංඛ”නැමැති අපරාධකරුගේ ගෝලයකු බවයි.

මෙම සැකකරු ඉකුත් (19) දින ඉහත ව්‍යාපාරිකයාට දුරකතනයෙන් තර්ජනය කර මෙම ලක්ෂ 20ක කප්පම් මුදල ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.

සැකකරු ගේ එම තර්ජනය සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයා පොලිසියට පැමිණිළි කර ඇත.

සැකකරුගේ දුරකතනය සම්බන්ධයෙන් විශ්ලේෂණය කර එම තොරතුරු මත ලිපිනය ඔස්සේ මුල්ලේරියාව දෙල්ගහවත්ත පාරේ නිවසේ දී කප්පම්කරු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ඇමති කෙහෙළියට එරෙහි විශ්වාසභංග විවාදය අද ඇරඹේ…

Admin

තවත් ලාංකිකයන් 273ක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් ඩකා නුවරට පිටත් වෙයි.

colombotoday

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ? – තීන්දුව 14 දා නුගේගොඩ දී ප්‍රකාශයට ?

colombotoday

නාමල්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියක් රිමාන්ඩ් !

colombotoday