Colombo Today Local News

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැරුණු පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසකොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25)දින නියෝග කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කර ඇත.

සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසත් එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.

සැකකාර හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් විමර්ශන ප්‍රගතිය ගැන දැනුම්දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

Related posts

දෙමටගොඩත් පිපිරීමක්….

colombotoday

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

කොරෝනා පාලනය කරන්න රටම නොහැකි නම් පළාත් වශයෙන් ලොක්ඩවුන් කරන්න

colombotoday

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

‘ජනාධිපතිවරයා අගමැතිවරයා පොහොට්ටු ආණ්ඩුවේ ජන වරම අවසන්. අපි සුදානම් මාතෘ භූමිය රැක ගන්න.’

colombotoday