World

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනෙකු ප්‍රතිකාර ගනිමින් සිටින්නේ අල් ෂීෆා රෝහලේ යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් රෝහල් දෙකට හානි සිදුවුණු බව පැවැසෙයි.

පලස්තීන පාලන අධිකාරිය වාර්තා කරන්නේ, ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ උතුරු කොටසට පමණක් නොව, දකුණු කොටසට ද දිගින් දිගටම පහර දෙමින් සිටින බවය. ඊට අමතරව, බටහිර ඉවුරේ ඊශ්‍රායල පලාන ප්‍රදේශවල ද ඊශ්‍රායල හමුදාව මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට මේ වනවිට හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ ආරම්භ වුණු ගැටුම්වලින් දෙපාර්ශ්වයේම 6,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇත.

Related posts

ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !

colombotoday

ප්‍රංශයේ පාසල් දරුවන්ට අබාය තහනම් කෙරේ…

Admin

පේරු රාජ්‍යයේ රන් ආකරයක ගින්නකින් 27ක් මරුට

Admin

සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර කාන්තා ඉසව් තරග තහනම් කරයි

Admin

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

colombotoday

එක්සත් ජනපද ජනාධිපතිට කොවිඩ්

colombotoday