Colombo Today Local News

ලිහිසි තෙල් හොරකමේ ගිය කෝටිපතියා අත්අඩංගුවට

ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙකි.

ඔහු සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම ව්‍යාපාරිකයා විසින් ලිහිසි තෙල් කෑන් එක සොරකම් කර රැගෙන ගිය බවට පැවසෙන සුඛෝපභෝගී රථයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර මෙම සොරකමට සහාය දී ඇති බව පැවසෙන එම වාහන සේවා සපයන ආයතනයේ සේවකයෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

වාහන සේවා සපයන ආයතනයේ හිමිකරු පොලීසිය වෙත පවසා ඇත්තේ මීට පෙරද මේ අයුරින් අදාළ ව්‍යාපාරිකයා ලිහිසි තෙල් කෑන් සොරකම් කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා සහ සුඛෝපභෝගී රථය හොමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ගාස්තුවකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 5ක් අලුත් කිරීමට අවස්ථාව

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin

හෙට සිට ඇඳිරිනීතිය දහවල් කාලයේදී ඉවත් කෙරේ. නවතම නිවේදනය මෙන්න

colombotoday

පොසොන් උත්සවය, රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට කටයුතු කරනවා – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි

colombotoday

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සාම්පල වාර්තාවේ ඇතැම් කරුණු පිළිගත නොහැකියි – මහාචාර්ය රාජ් සෝමදේව

colombotoday

ජනබල විරෝධයේ සජීවී විකාශනය මෙන්න [LIVE]

colombotoday