World

චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රියක්

චීන ජනපති ශී ජින් පින්ගේ ආසියාව,අප්‍රිකාව සහ යුරෝපය යා කරන “එක් තීරයක් – එක් මාවතක්” දස අවුරුදු සැලැස්මහි එක් පියවරක් ලෙස ඉන්දුනීසියාවේ ඉදි වූ මෙම අධිවේගී දුම්රිය ව්‍යාපෘතිය සඳහා වැය වී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 7.3කි.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතාගේ අතින් විත වූ මෙම නව අධිවේගී මාවත ජකර්ථා අගණුවර සහ ආර්ථික මර්මස්ථානයක් වන බැංඩුං යන නගර යා කෙරේ.

“හූෂ්” හෙවත් විශ්වාසය සහ කාලය ඉතිරි කිරීම යන අර්ථයෙන් නම් කළ මෙම නව අධිවේගී දුම්රිය පැයට කිලෝමීටර් 350ක වේගයකින් ධාවනයට හැකියාව පවතින බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්ථා කරයි.

2019 වසරේ මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිතව තිබුණත් ඉඩම් අත්පත් කරගැනීමේ සහ කොවිඩ් වසංගත තත්වය නිසා අතීරේකව ඩොලර් බිලියන 1.2 වැය වීම හේතු කරගෙන මෙම ව්‍යාපෘතිය විවෘත කිරීම පමා වූ බව වැඩි දුරටත් වාර්ථා වේ.

Related posts

හයිටි ජනපතිව සිය නිවසේදීම ඝාතනය කරයි

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

රුසියාවෙන් එක් දිනකදී පමණක් මිසයිල ප්‍රහාර 90ක් – යුක්‍රේන ජනපති

Admin

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්

colombotoday

Live Reporting: පැරිස් නුවරට මුස්ලිම් අන්තවාදී ප්‍රහාරයක් – ප්‍රංශයේ හදිස්සි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

colombotoday