Colombo Today Local News

ගාස්තුවකින් තොරව සුරාබදු බලපත්‍ර වර්ග 5ක් අලුත් කිරීමට අවස්ථාව

සුරාබදු බලපත්‍ර වර්ග 5ක් සඳහා 2021 වර්ෂයට අදාළ ගාස්තු අයකිරීමෙන් තොරව බලපත්‍ර නිකුත් කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවය.

අදාළ බලපත්‍ර වර්ග 5 පහතින්,

හෝටල් බලපත්‍ර (ර.බි 7) සංචාරක මණ්ඩලය අනුමත කරනු ලැබූ සහ සංචාරක මණ්ඩලය අනුමැතිය රහිත හෝටල් කාමර 05 හෝ ඊට වැඩි.

හෝටල් පීඨිකා බලපත්‍ර (ර.බි 08)

භෝජනාගාර බලපත්‍රය (ර.බි 11) සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත / අනුමැතිය රහිත

තානායම් බලපත්‍රය (ර.බි 12)

බියර්, ඒල්, ස්ටවුට් හා වයින් ස්ථානීය පරිභෝජනය සඳහා විකිණීමේ විශේෂ බලපත්‍රය (ර.බි 22 බී) සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත / අනුමැතිය රහිත බලපත්‍ර

Related posts

මිද්දෙණියේ ඝාතනයක්

colombotoday

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

colombotoday

වසර 100කට වඩා පැරණි පොලිස් මූලස්ථානය අත්තිඩිය ට

colombotoday

හදිසි නීතිය ඉවතට!

colombotoday

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin