Colombo Today Local News

වසර 100කට වඩා පැරණි පොලිස් මූලස්ථානය අත්තිඩිය ට

නව පොලිස් මුලස්ථාන සංකිර්ණයක් දෙහිවල අත්තිඩිය පාර ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අත්තිඩිය පාර බෙල්ලන්තොට හංදිය ප්‍රදේශයේ ශ්‍රී ලංකා පොලිසිය සතු අක්කර 14ක පමණ භුමියක නව පොලිස් මුලස්ථානය ඉදිකිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

මේ වන විට පොලිස් මුලස්ථානය යෝර්ක් විදීය සහ චෛත්‍ය පාර සම්බන්ධ වන මාර්ගය මැදිකොට පවතින වසර 100කට වඩා පැරණි ගොඩනැගිලි 03ක පවත්වා ගෙන යයි.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඇතැම් අංශ කුලි පදනම මත ලබාගත් ගොඩනැගිලිවල පවත්වාගෙන යාමට සිදුව ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ පොලිස් මුලස්ථාන සංකිර්ණය මිරිහාන ප්‍රදේශයේ ඉදිකිරිමට 2012 වසරේ දි රජය තීරණයකර තිබුණ ද ඊට අදාළ පියවර ගෙන නොතිබීම හේතුවෙන් මෙලෙස පොලිස් මුලස්ථාන සංකිර්ණය අත්තිඩිය ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Related posts

කරන්නාගොඩගෙන් ඊයෙත් පැය හතර හමාරක් ප‍්‍රශ්න කරයි

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

colombotoday

“අර්ධ අනාගමික, ෆෙඩරල් ව්‍යවස්ථාවකට හැමෝම උදව් කරන්න“ – මල්වතු නාහිමි නෑ කී දේ චන්ද්‍රිකා කියයි

colombotoday

බැඳුම්කර වාර්තාව ජනාධිපති අතට

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday