Colombo Today Local News

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ නරක්වූ මළසිරුර වාද්දුව මහවිහාර පාරේ නිවසක තිබී අද (27)දින සොයාගත් බව වාද්දුව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් සිට ඇත්තේ වාද්දුව මහවිහාර පාරේ කුලී නිවසක තනිව පදිංචිව සිටී එම්. ශාන්ත චිත්‍රාල් සල්ගාදු නමැති 73 හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය කියයි.

නිවස තුලින් අධික දුගදක් හමන බවට ලද තොරතුරක් මත පරීක්ෂණ කොට නිවසේ කාමරයක ඇදක් මත තිබූ මළසිරුර සොයාගත් බව පොලිසිය පවසයි.

පානදුර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරීන් සහ හදිසි මරණ පරීක්ෂණය සිදුකල බවත්, දින තුනකට පමණ පෙර මියයන්නට ඇති බවට සැක පලකරන බවත් පොලිසිය සදහන් කරයි.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.

Related posts

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

Admin

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තු වටරවුම වැසෙයි !

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

මත් ජාවාරම්කරුවන් එල්ලන තීරණයට යුරෝපා සංගමයෙන් විරෝධය…

colombotoday

භටයන් 6500ක් සමග ඇමරිකානු 7වන බලඇණිය ත්‍රිතුණාමලය මුහුදේ… අවසන් ගිවිසුම අත්සන් කිරීමට විදේශ ඇමති ඇමරිකාවට… ගිවිසුම්ගත වූ සැනින් ලංකා භූමියට ගොඩ බැසීමට අවසර…

colombotoday