Colombo Today Local News

ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට.. පාර්ලිමේන්තු වටරවුම වැසෙයි !

2016 මාර්තු මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කළ අතර ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 දෙනාම ඇතුලත් කළේය.

මෙම ව්‍යවස්ථා මණ්ඩලයට සහයවීම සඳහා සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් ද පත් කරනු කෙරිණි. පසුගිය වසරේ අප්‍රේල් මස 05 වන දින පත් කරනු ලැබූ මෙම කමිටුවේ ප්‍රධානත්වය දරනු ලබන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මෙම මෙහෙයුම් කමිටුවට සහයෝගය ලබාදීම සඳහා අනු කමිටු 06ක් පත් කෙරුණු අතර ඔවුන් ක්ෂේත්‍ර 06ක් යටතේ කරණු අධ්‍යයනය කරනු ලැබිණි. මූලික අයිතිවාසිකම්, අධිකරණ, නීතිස හා සාමය, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය සහ මධ්‍යම පර්යන්ත සබඳතා මෙම කරුණු 06 වේ.

මෙම කමිටු 06 මඟින් සකස් කළ වාර්තා 06 සහ මහජන අදහස් විමසීමේ කමිටුව මඟින් සකස් කළ වාර්තාව අතුරු වාර්තාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එම අතුරුවාර්තාව අද දිනයේ මෙලෙස විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර නව ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවට විරෝධය පලකරමින් ඒකාබද්ධ විපක්ෂය විරෝධතාවක් ආරම්භ කර ඇත. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම තාවකාලිකව වසා තිබෙන බවද වාර්තා වෙයි.

Related posts

හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්න – නීතිඥ සංගමය වැඩ බලන ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ලෝක සාම දර්ශකයේ ලංකාව ඉදිරියට.. භයානක රටවල් අතරිනුත් ඉවත්වෙයි

colombotoday

අනුරාධපුර නගරය ගෝනිබිල්ලන්ට තහනම් කළාපයක් වෙයි.. යෝජනාව ඒකමතිකව සම්මතයි…

colombotoday

උසාවි නියෝග නොතකා යාපනේ විරෝධතා.. විරෝධතාකරුවෝ ජනපති වටකරගනී (Video)

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

“අපිව නවත්තන්න කාටවත් බෑ.. අර්ජුන් මහේන්ද්‍රන් හිරේ ඇරලයි පස්ස බලන්නෙ” – හදුන්නෙත්ති

colombotoday