Colombo Today Local News

“අපිව නවත්තන්න කාටවත් බෑ.. අර්ජුන් මහේන්ද්‍රන් හිරේ ඇරලයි පස්ස බලන්නෙ” – හදුන්නෙත්ති

sunil handunnetthi

තමන් කෝටි ගණනක් මුදල් ලබාගෙන පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බවට ව්‍යාජ පුවත් මවා ඇති බවත් තමන් වගකීම් බාරගත්තේ එය අතරමග දාමා යාමට නොවන බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“තමුන්ගේ මිම්මෙන් මාව මනින්න එන්න එපා” යැයි එසේ එසේ ප්‍රවෘත්ති නිර්මාණය පුද්ගලයන්ට තමන් ප්‍රකාශකරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

තමා මුදලට යට කළ හැකි මන්ත්‍රීවරයෙක් නොවන බවත් මහ බැංකු වංචාව විමර්ශනයට විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් පමණක් සිදු කළ නොහැකිනම් ඉන් එහාට ගිය විශේෂඥ සහාය හෝ ලබාගෙන මේ සම්බන්ධයෙන් විර්ශන සිදු කර අදාළ වැරදි කරුවන්ට පවතින නීතිය යටතේ දඬුවම් පමුණුවන බවත් වැරදි කරුවන් රටට පාඩු සිදු කළ ජනතා මුදල් නැවත අයකරගන්නා බවත් ඒ මහතා පැවසීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසූවේ ඊයේ (02) මතාර කඹුරුපිටිය ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ ජනහමුවකදීය.

Related posts

ගුවනින් නිරීක්ෂණය කිරීමෙන් පසු සංචරණ නීති කැඩූ මෝදර 15 ක් අත්අඩංගුවට

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස පෙනී සිට නිරෝධායන නිවෙස්වලට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

රන්ජන්ගේ හඩ පට වලින් දේශපාලක පුතුන්ගේ කැරැට්ටුවත් ලීක් වෙයි (Voice)

colombotoday

කොටි නඩු අහන අධිකරණයෙන් පළමු දඩුවම දෙයි.. තුන්දාහක දඩයක් සමග පළමු විත්තිකරු වසරක් සිරගෙට

colombotoday

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

colombotoday