Colombo Today Local News

පන්දාහේ හොර නෝට්ටු 5ක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

එකම අංකය දැක්වෙන ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු 05ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම පොලීසිය වෙත භාර දී තිබෙි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙබරවැව ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා පසුගිය වසරේදී ද ව්‍යාජ 5000 නෝට්ටු දෙකක් හා පින්ටරයක් සමග අත්අඩංගුවට ගෙන තිබූ අයෙකු වන අතර මොහු බෙරලිහෙල කුඩාගම්මාන 3 විදුහලේ රසායනාගාර නිළධාරියෙකු ලෙස සේවයකොට ඇති අයෙකු බවත් පසුව මෙම සිද්ධිය හේතුවෙන් වැඩ තහනමට ලක්ව ඇති බවත් තිස්සමහාරාම පොලීසිය පවසයි.

Related posts

පාර්ලිමේන්තුවේ හූව හූවක් උනාට හුවක් නෙවෙයි. හිරුනිකා කියන කතාව

colombotoday

“මැච් එකෙන් 3/4 ඉවර කලේ Maxxwell නෙමේ, මම” – චන්ද්‍රිකා

colombotoday

බැසිල් තුන්වන වරටත් අත්අඩංගුවට

colombotoday

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ සටනට

colombotoday

තුනී පොලිතීන් අද පටන් තහනම්… අහුවුණොත් දඩ

colombotoday