Colombo Today Local News

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම, මුල්ලේගම, පදිංචි දිනිති තිමාරා නමැති පාසැල් සිසුවියකි.

ඇය ඊයෙ (18) උදෑසන පාසල් ගොස් යළි නිවසට පැමිණ මිතුරියක සමඟ උඩුමහලේ පාඩම් කරමින් සිටියදී “අම්මේ මගේ අත ටිකක් රිදෙනවා” යැයි පවසමින් පහළ මහලට පැමිණ ඒ බව මවට පවසා තිබේ.

පසුව මව විසින් නිවෙසේ තිබූ බෙහෙත් වර්ගයක් දියණිගේ අතෙහි ගල්වා, අතගා මදක් සනීප කර ඇති අතර ඉන් අනතුරුව නැවත වරක් උඩුමහලට ගිය සිසුවිය මිතුරිය සමඟ පාඩම් කරමින් සිටියදී එක්වරම වමනය කරමින් බිම ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.

පසුව අසනීපව සිටි දියණිය ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ දියණිය මිය ගොස් ඇති බවයි.

Related posts

“බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මතකරන්න හැදුවොත් පාර්ලිමේන්තුව වටලනවා“ ඥාණසාර හිමි

colombotoday

උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක්

Admin

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday

ගෝඨාගේ රැස්විම් වලිදි ශ්‍රිලනිප නායකයන්ට ‘හූ’ කීම එජාප, ජවිපේ කුමන්ත්‍රණයක් !

colombotoday

රැට්ටා , ළහිරු ඇතුළු තිදෙනෙක් යළි රිමාන්ඩ්

colombotoday

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව රහස් එකඟතාවයක- අනුර

colombotoday