Colombo Today Sports News

ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රිකට් එක් කරන්න අනුමැතිය ලැබෙයි

2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව තිබේ.

අද රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වනු ඇති.

මේ අතර ක්‍රීඩා විචාරකයින් පවසන්නේ මෙම තීරණයත් සමග 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බවය.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව මුල්වරට ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම 2028 වසරේදී සිදුවෙයි.

Related posts

ටෝකියෝ ඔලිම්පික් වරම ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

colombotoday

ලෝක ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයට එක්වන ක්‍රීඩකයින්

colombotoday

ජෛව ආරක්ෂණ බුබුලෙන් පිට ගිය මෙන්ඩිස්ට, දික්වැල්ලට සහ ධනුෂ්කගේ තරග තහනම වසරකින් අඩු කර දඩය කෝටියක් කරයි

colombotoday

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිට දසුන් නායකත්වයෙන් ඉවතට?

Admin

T20 ලෝක කුසලානයට යන නවකයන්ගෙන් පිරුණු ශ්‍රී ලංකා සංචිතය මෙන්න

colombotoday

ICCය වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම්කරයි

colombotoday