Colombo Today Local News

‘වාස් ඉල්ලා අස්වුණේ ක්‍රමවේදයෙන් පිට ගෙවීම් කරන්න බැරි නිසයි’

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‍පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයක් ඇති බවත් ඊට පිටින් ගෙවීම් කළ නොහැකි නිසා චමින්ද වාස් සිය ඉල්ලා අස්වීම ලබාදී ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (23)දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස බඳවාගත් චමින්ද වාස් ඉල්ලූ පරිදි ගෙවීමක් සිදුනොකළ නිසා ඔහු ඉවත්වීම ගැටලුවක් බවත් වෙනත් විදේශීය පුහුණුකරුවන්ට විශාල මුදලක් ගෙවද්දී ජාතික අනන්‍යතාවයකින් යුත් චමින්ද වාස් වැන්නකුට එසේ ගෙවීම් නොකරන්නේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

“මේ සඳහා ක්‍රමවේදයක් තියෙනවා. අපිට ඕන විදයට ගෙවීම් කරන්න බෑ. පුහුණුකරුවාගේ දක්ෂතාවය මිසක් ජාතිය, ආගම, කුලය අපි බලන්නේ නෑ. ක්‍රිකට් ආයතනයට ඕනෑ විදියට ගෙවන්න බෑ. ඒ ක්‍රමවේදය සඳහා යා යුතුයි.” යැයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

රන් මිල තවත් ඉහළට

colombotoday

අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !

colombotoday

යෝෂිත නාවික හමුදාවෙන් ඉවතට ! මහාධිකරණයෙනුත් ඇප නෑ

colombotoday

රජයේ රෝහලට යෑම ප්‍රතික්ෂේප කරයි. වැලිගම මුස්ලිම් කතක් මියයයි. භූමිදානය කිරීම පොලීසිය නවත්වයි

colombotoday

ෆේස්බුක් සමාජ ජාලා හදිසි බිද වැටීමක්

Admin

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

colombotoday