Colombo Today Local News

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම අවභාවිතා කරමින් රට පුරා ගොස් මුදල් එකතු කළ තවත් පුද්ගලයෙකු ජනතාවගේ අවධානය හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙනවා.

අදාළ පුද්ගලයා ගයාන් චානක පෙරේරා නැමැති මහනුවර ප්‍රදේශයේ අයෙක්.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය පෙන්වා දෙන්නේ සිය නම භාවිතා කරමින් ලංකාවේ කිසිඳු ප්‍රදේශයක මුදල් එකතු කිරීම්, අත්පත්‍රිකා බෙදීම්, සම්මාදම් එකතු කිරීම් සිදු නොකරන බවයි.

විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීම් ද සිදු කර ඇති බැවින් එවැනි අවස්ථාවලදී සිය කළමණාකාරීත්වය දැනුවත් කරන ලෙසයි දැනුම් දෙන්නේ. ඒ සඳහා 081 207 90 88 හෝ 011 73 73 73 0 යන අංක ඔස්සේ දැනුම් දිය හැකියි.

Related posts

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

colombotoday

කඩු, පිහි සමඟ තව්හිද් ජමාත් සාමාජික කෝට්ටේ එජාප මන්ත්‍රී අත් අඩංගුවට

colombotoday

උමාඔය ව්‍යාපෘතියට අනුර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මෙන්න

colombotoday

ගෝඨාගේ තීන්දුවට එරෙහිව තේනුවර හා වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ලොකු ළුෑණු කිලෝවකට රුපියල් 50ක බද්දක්

colombotoday