Colombo Today Local News

වරාය පරිශ්‍රයේ උද්ඝෝෂණය නවත්වන්නැයි කළ ඉල්ලීම් අධිකරණයෙන් ඉවතට

වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව වරාය පරිශ්‍රයේ අද(28) දින පවත්වන උද්ඝෝෂණය සහ පෙළපාලිය වළක්වන ආඥාවක් නිකුත් කරන්නැයි වරාය සහ වෙරළබඩ පොලීසි දෙක කළ ඉල්ලීම් දෙකක් ඉවත දැමීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (28)දින නියෝග කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂනය හා ප්‍රකාශනයේ නිදහස සීමා කිරීම නොකළ යුතු බවත්, වාරණ ආඥාවක් නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු පොලීසිය ඉදිරිපත් කර නොමැති හෙයින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අදාල නියෝගය නිකුත් කරමින් අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සඳහන් කළේය.

නීති විරෝධී රැස්වීමක් හෝ උද්ඝෝෂණය මගින් අපරාධ වැරදි සිදුවේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව පොලිසියට ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ ආඥාවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

Related posts

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

හෙට-අනිද්දා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

රිෂාඩ් මුත්‍රා කරන්නේ බෝතලේකට… යාච්ඤා කරන්න වතුර නෑ.. අබමල් රේණුවකවත් සාක්ෂි නෑ.. සමගි ජන බලවේගය රිෂාඩ් බේරාගන්න දගලයි

colombotoday

කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවන්ගේ ඉහළ යාමක්

colombotoday

උද්දමනය පහලට

Admin

ෂෙයික් අබ්දුල් කලීඩ්ගේ ඩයලොග් සමාගමේ ගසා කෑම – ඩෑන් ප්‍රියසාද්

colombotoday