Colombo Today Local News

මේ වසරේදී සරසවි ඇදුරෝ අටසීයක් රට හැර ගිහින්

ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

එසේම ආචාර්යවරුන් තවත් දහසකට ආසන්න පිරිසක් විදේශගත නිවාඩු ලබා සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ලව ඇතැයි එම සම්මේලනය පෙන්වා දෙයි.

විශ්ව විද්‍යාල සඳහා නව ආචාර්යවරුන් බඳවා ගැනීමද මේ වනවිට අඩපණව ඇතැයි චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරු 6200ක පමණ පිරිසක් මේ වසරේ මුල් කාල සීමාවේදී රාජකාරී කළහ.

Related posts

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday

අන්තරේ පා ගමනක්

colombotoday

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට වහාම පියවර ගන්න..විමල් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

colombotoday