Colombo Today Local News

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

ඛනිජ තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් වන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ඊයේ (අගෝ. 12) රාත්‍රියේ ප්‍රකාශයට පත් කර තිබේ.

ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණ තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකියාව ලැබෙන බව එහි දැක්වේ.

එමෙන් ම, ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශවයන්ට බලපත්‍රයක් ලබා දීමට හැකි වන බව ද එහි සඳහන් වේ.

මෙම සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මස 25 වනි දා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබිණි.

ඒ අනුව, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත ය.

අදාළ ගැසට් පත්‍රය මෙතැනින් කියවන්න…

Related posts

ගින්නෙන් දැවී ගිය ප්‍රංශයේ සංස්කෘතික හදවත…

colombotoday

මැයි මස 29දින දක්වා දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි

colombotoday

පෙරටුගාමීන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලයි.. ආණ්ඩුව ඔවුන් නහවා යවයි

colombotoday

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday

පිපිරීමකින් පුද්ගලයෙකුට තුවාල

colombotoday

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday