Colombo Today Local News

ඩොලර් මිලියන 1000ක ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය වසරකින් දීර්ඝ කෙරේ…

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1000ක ණය ආධාර යෝජනා ක්‍රමය ඉදිරි වසරක කාලයක් සඳහා දීර්ඝ කරන ලද බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

අද (30)දින මුදල් අමාත්‍යාංශයේ දී මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීම සිදුකළ අතර, පසුගිය 2022 මාර්තු 17 දින සිට වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වූ මෙම ගිවිසුම ප්‍රකාරව වෙන් කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 1000න් මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 576.75කට අදාළව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර තිබේ.

ඉදිරි වසරක කාලය තුළ මෙම ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ඇතුළුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා පියවර ගනු ලබන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

“එක්නැලිගොඩ කොටියෙක් නෙවෙයි” පොලීසිය කියයි – බුද්ධි බළකා රණවිරුවන් නැවතත් සිරගෙට

colombotoday

අනියම් ඇසුර දෙදරු පියාගේ ඝාතනයෙන් කෙළවර වෙයි

Admin

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday