Colombo Today Local News

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටුවීමට සුදුසු ගොඩනැගිලි 3ක් තැපැල් දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය සඳහන් කරන්නේ, එම ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් දෙපාර්තමේන්තුව ලබා දෙන කැමැත්ත මත එහි තැපැල් කාර්යාලය පිහිටවීමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන බවයි.

ජනවාරි මාසය තුළ දැනට තැපැල් කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදීමට සැලසුම් කර ඇති බව ද නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ ය.

යටත්විජිත යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල විකිණීමට එරෙහිව පසුගිය කාලයේ තැපැල් සේවකයින් වැඩවර්ජන කිහිපයක් ක්‍රියාත්මක කළ අතර බලධාරීන් ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වූයේ නැත.

Related posts

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ – අමිල හිමි

colombotoday

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

Admin

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

colombotoday

නීතිය සාමය මද්දුමබණ්ඩාරට දීම පිළිකුල්.. මහනුවර ගැටුම් ඇතිවුණේ නායකත්වයේ වරදින්

colombotoday

25 වැනිදා සියලුම සුරාසල් වසා තැබේ

colombotoday