Colombo Today Local News

බුදු දහමට අපහාස කළ සියලු ගිණුම්වල තොරතුරු දෙන්නැයි ෆේස්බුක් ආයතනයට අධිකරණ නියෝගක්

අන්තර්ජාලය භාවිත කරමින් බුදු දහම සහ බුදුන් වහන්සේට අපහාස කළ බව කියන සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳ සියලු තොරතුරු දෙන්නැයි අධිකරණය ෆේස්බුක් ආයතනයට ඊයේ (20)දින නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට අවසර දෙමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටී.එන්.එල්. ඉලංගසිංහ මහතා විසින් එම නියෝගය ලබාදී ඇත.

අන්තර්ජාලය භාවිත කර ‘පූස් බුද්ධා’ (Puss Buddha) හා ‘පුස් බුදුන්ගේ අනුගාමිකයෝ’ (Followers of Puss Buddha) නමින් සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කර එමඟින් බුදු දහමට හා බුදුන් වහන්සේට නින්දා සහගත හා අපහාස සිදුවන ආකාරයේ සිදුකළ පළකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයිද එහි නිලධාරීන් අධිකරණයට දන්වා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

Related posts

අවසර ලැබූවන්ට හැර කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

colombotoday

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

colombotoday

පත්තරේ පළ උනාද බලා හොරකමේ යන ‘කපුටා’ කළ හෙළිදරව්ව

colombotoday

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

Admin