Colombo Today Local News

ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් නිර්මාණය කරනවා

ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන්කර සිටියේ, නෙලුම් පොකුණ රඟ‍හලේදී අද (14) පස්වරුවේ පැවති ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අංක 17 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.

මෙම දශකය අවසන් වන විට ලොව පුරා සිටින සන්නද්ධ හමුදාවන්ට මුහුණ දීමට සිදුවන නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතු බවද ජනාධිපතිවරයා කීය.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි පාඨමාලා 17ක් සඳහා දේශීය මෙන්ම විදේශිය හමුදා නිලධාරීහ් 148 දෙනෙක් මෙහිදී උපාධි ලබාගත්හ.

Related posts

කෝට්ටේ සමූපකාර බලය ඇල්ලුවා

Admin

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

“රට වැටිලා නැ, වැටිලා තියෙන්නේ පාලකයෝ…”

Admin

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

කෝටියක මාසික කුලියට ෆොන්සේකා ගොඩනැගිල්ලක් ගනී.. කැබිනට් අනුමැතියත් ලැබෙයි.. කෝටි 24ක අත්තිකාරමක් හිමිකරුට ගෙවන්නත් අවසර දෙයි

colombotoday

කොත්තු මිල පහළට

Admin