Colombo Today Local News

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ජල පොකුණ පවිත්‍ර කර එම ජලය දියවන්නා ඔයාට දැමීම නිසා එහි යම් දුෂණයක් සිදුව තිබෙන බවත් මෙය සේවක පිරිස කල්පනා නොකර කළ වැඩක් බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.

මේ බව අද (24)දින පාර්ලිමේන්තුවේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර ඇත.

එසේම එම අපජලය නිසා දියවන්නා ඔයට එකතුවී ඇති අපද්‍රව්‍ය පහත්බිම් සංවර්ධන මණ්ඩලයට නොපමාව දැනුම්දී ඉවත් කිරීමට පියවර ගන්නා බව ද කතානායකවරයා ප්‍රකාශ කරයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා,
“මම ඒක පිළිගන්නවා ඒක කල්පනා නොකර කරපු වැඩක් දැන් එය සිදුවෙලා ඉවරයි පහත් බිම් එකට දැනුම් දී ශුද්ධ කිරීමට කටයුතු කරනවා.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් පිවිසෙන මාර්ගය දෙපස දියවන්නා ඔය ප්‍රදේශයට පොකුණු අපජලය එකතු වීම නිසා එහි ජලය බෙහෙවින් අපවිත්‍ර වී ඇතැයි විපක්ෂනායකයා චෝදනා කළේය.

Related posts

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආයතන රැසකින් කෝටි 77300ක් පොලු තියලා

Admin

බස්නාහිර පළාතට, ඇහැලියගොඩ, කුරුණෑගල නගර සීමාවට, කුලියාපිටියට ඇඳිරිනීතිය දිගටම

colombotoday

මිලියන 1500 ක වංචාවක්‌ – තලතාට එරෙහිව පැමිණිළි ගොණුකෙරේ…

colombotoday

හෙටත් ගෑස් බෙදන්නේ නැහැ

colombotoday

“දූෂකයන්ගේ පුරුෂ ශක්තිය සිදින” වාසුගේ යෝජනාව ඉන්දීය අධිකරණයකින් ස්ථීර කරයි

colombotoday

මහසෝන් බළකායේ අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනෙකුට අධිකරණය අද දුන් තීන්දුව මෙන්න

colombotoday