Colombo Today Local News

අත්අඩංගුවට ගත් හිරුණිකා ඇතුළු 15ක් අද අධිකරණයට

පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ ජනාධිපති නිවස අසල විරෝධතාවට එක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු අද (15)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කුරුදුවත්ත පොලීසිය මඟින් එම පිරිස රඳවාගෙන ප්‍රශ්න කර ඇත.

මේ අතර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුඳුවත්ත පොලීසියට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළේය.

“මේ රටේ පුරවැසියන් සතු ප්‍රධාන අයිතියක් තිබෙනවා. ඒ තමා මානව අයිතිය. ඒක තහවුරු කෙරෙනවා රටේ උත්තරීතර නීතියෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙන්. කනගාටුවට කාරණාව අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත් ක්‍රියාත්මක නොවන අව නීතිය රජ කරවන රටකයි අපි මේ ඉන්නේ. නමුත් අපි විශ්වාස කරනවා අවසානයේ මේ රටේ ජන බලය ඒකරාශී කරලා, ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ අවස්ථාව වැඩිදුරක් නෑ. කාන්තාව කියන්නේ අපේ රටේ බහුතරයක්. 52%ක්. මේ රටේ යම්කිසි පාදඩ කොට්ඨාසයක් ඉන්නවා කාන්තා අයිතිය ගැන කතා කරද්දි හිනාවෙන. ඒ ගැන විවේචනය කරන. අපි එතැන නෑ. කාන්තාව කියන පුද්ගලයා මේ රටේ හිංසනයට, පීඩනයට, අසහනයට, කෘරත්වයට, අමානුෂික ප්‍රහාරවලට ලක්වන පාර්ශවයක්. ඒ නිසා මං හිතන්නේ, කාන්තාවන් ගැන කතා කරනකොට සමච්චලයට ලක්කරන්න ඕන මාතෘකාවක් කියලා. අපි මේ රටේ කාන්තා අයිතිය වෙනුවෙන් ඉතාමත් ශක්තිමත්ව පෙනී සිටිනවා. ලබන පාර අපි එන්නේ, කිහිපදෙනෙක් එක්ක නෙමෙයි ලක්ෂ සංඛ්‍යාත ජනතාව එක්කයි අපි එන්නේ. ඒක නිසා මේක සුළු පටු විදියට සලකන්න එපා කියලා අපි කියනවා ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට.”

Related posts

තායිලන්තයෙන් ගෑස් මිලදී ගන්න කැබිනට් අනුමැතිය ලැබෙයි

colombotoday

2024 පළමු පාසල් වාරය පිලිබද තීරණයක්

Admin

අර්ජුන ඇලෝසියස් හිස් අතින් හැරී යයි. බදු වංචා කරමින් අරක්කු මාෆියාව ජයටම.

colombotoday

කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නෑ – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

colombotoday

නුවරදී ඊයේ සිදුවූ නොහොබිනා වැඩේ ගැන ළමාරක්ෂක අධිකාරියෙන් පරීක්ෂණයක් !

colombotoday

ජනපතිගේ අභිමතය පරිදි ජාතික දිනයේ ඥානසාර හිමිට පොදු සමාවක් දිය හැකියි – නීතිඥ පේ‍්‍රම්නාත් සී. දොලවත්ත

colombotoday