Colombo Today Local News

හල්දුම්මුල්ලේ පාසල් තුනක් වැසේ

වැසි සහිත කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා ඇතැයි හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය අද (11)දින පැවසුවාය.

ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවද අධ්‍යාපන අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර නායාමට ගොදුරු වී අද වැසී ගිය කැලිපානාවෙල විදුහලේ දූ දරුවන් වැල්ලවාය ගම්පහ විදුහලටද ගල් පෙරළී මේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇති බ්ලැක්වුඩ් විදුහලේ දූ දරුවන් හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලටද ,ගොඩනැගිලි කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දැමූ මාලදොල විදුහලේ දූ දරුවන් හරංකහව විදුහලටද යොමු කර අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොට්ඨාස අධ්‍යක්ෂවරිය කීවාය.

Related posts

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday

පීඩන අවපාතය ත්‍රිකුණාමලය ආසන්නයේ අද දවස තීරණාත්මකයි

Admin

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Admin

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

colombotoday