Colombo Today Local News

ගෝඨාව කොහොම හරි හිරකරන්න, එජාප සැළසුම්.. ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය ! ආණ්ඩුව මතගැටුමක

gotabhayaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කෙසේ හෝ සිරගත කළ යුතු යැයි ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය දැඩි ස්ථාවරයක සිටින අතර ශ්‍රීලනිප පාර්ශවයේ ඇතැම් ඇමතිවරුන්ගෙන්එම තීරණයට දැඩි විරෝධයක් එල්ලවී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. මේ හේතුවෙන් ආණ්ඩුවේ දෙපාර්ශවය අතර දැඩි මත ගැටුමක් ඇතිව තිබෙන බවයි සදහන් වන්නේ.

ඇවන්ගාඩ් සිද්ධිය හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා කොටු කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීම නිසා වෙනත් විකල්පයක් කෙරෙහි අවධානය යොමුකර ඇති එජාපය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතන සිදුවීම් සම්බන්ධ කරගනිමින් කෙසේ හෝ රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතුයැයි දැඩි ස්ථාවරයක සිටින බව නම හෙළි නොකළ එජාප ජේෂ්ඨ ඇමතිවරයෙකු ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වෙතද ප්‍රකාශ කර ඇත.

කෙසේවුවද, ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ශ්‍රීලනිපයේ සමහර ඇමතිවරුන් දැඩි ලෙස විරුද්ධ බව පැවසු එම ඇමතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන තත්වයක් තුල, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ සුදානමක් ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් හා ප්‍රදේශ 8ක් හුදකලා කෙරේ

colombotoday

ඥානසාර හිමි දෙවනගලට පුදබිමට

colombotoday

වර්ණසිංහ පඹගාලක පැටලිලා.. ඔහු ගොඩගන්න සමතෙක් හෙළ උරුමයේ නෑ.. කණගාටුයි – ගම්මන්පිල

colombotoday

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

colombotoday

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday

නව ව්‍යවස්ථාව ගැන අස්ගිරි මහා නාහිමි ජනපති සමග සාකච්ඡාවක් !

colombotoday