Colombo Today Local News

ජාතිවාදයේ ගිනිදැල් නැගේ… “නැගිටිව් දමිළයිනි.. සිංහල බෞද්ධ උතුරට එපා“ යාපනේ විරෝධතා !

දෙමළ මහජන සභාව සහ දමිළ ජාතික දේශාපලන පක්ෂ කිහිපයක් විසින් සංවිධානය කළ “දෙමළ ජනතාවනි නැගිටිව්“ හෙවත් එළුග තමිල් විරෝධතා වැඩසටහන් උතුරේ ස්ථාන කිහිපයකදී අද පෙරවරුවේ ආරම්භ විනි.

එහි ප්‍රධාන වැඩසටහන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කිතුණු පූජකවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගී වී සිටියහ.

උතුරේ අලුතෙන් සිංහල ජනාවාස ඉදිකිරීම නැවැත්වීම, උතුරේ බුදු පිළිම සහ බුදු මැදුරු ස්ථාපනය කිරීම නැවැත්වීම, උතුරෙන් හමුදා කදවුරු ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් මූලික කරගනිමින් එම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.

විරෝධතාවයට සහය දක්වමින් යාපනය නගරයේ සහ නගරයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබෙන අතර සියළු කඩ සාප්පු වසා දමා තිබෙන බවද වාර්තා වේ.

(එම විරෝධතාවයේ සජීවී වීඩියෝව පහතින් දැක්වේ)

[fbvideo link=”https://www.facebook.com/ptk.vanni/videos/877121879089061/” width=”500″ height=”400″ onlyvideo=”1″]

jf-20 jf-30jf-22

Related posts

මරාගෙන මැරෙන බෝම්බ කට්ටල නිෂ්පාදනාගාරයක් වැටලීමට යාමේදී වෙඩි හුවමාරුවක්

colombotoday

සමාජය තුළ කොවිඩ් ආසාදිතයින් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවයක්

colombotoday

සෞඛ්‍ය බලධාරීන් හදිසි සාකච්ඡාවක

colombotoday

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයි

colombotoday

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday