Colombo Today Local News

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් රැගත් ගුවන් යානා දෙකක් අද (22)දින අලුයම මෙරටට පැමිණ තිබේ.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, එම මාත්‍රා ලක්ෂ 20 ද සමග මේ දක්වා මෙරටට ගෙන එන ලද සමස්ත සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 91 දක්වා ඉහළ යන බවයි.

මේ අතර ඉදිරි සති දෙක තුළ තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් මෙරටට ලැබීමට නියමිතව ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, ඉන් ලක්ෂ 16ක් පරිත්‍යාගයක් ලෙස සහ අනෙක් ලක්ෂ 20 රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූ ඒවා බවයි.

අද මෙරටට ලැබුණු එන්නත් තොගය හෙට දිනයේ සිට එන්නත්කරණය සඳහා පහත පරිදි දිස්ත්‍රික්ක වෙත බෙදා හරින බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

📌 කුරුණෑගල දිස්ත්‍රික්කය – මාත්‍රා 400,000
📌 ගාල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 275,000
📌 මාතර දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000
📌 බදුල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000
📌 රත්නපුර දිස්ත්‍රික්කය- මාත්‍රා 200,000
📌 හම්බන්තොට දිස්ත්‍රික්කය- මාත්‍රා 125,000
📌 පුත්තලම දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000
📌 පොළොන්නරුව දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000
📌 නුවරඑළිය දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000
📌 මොනරාගල දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000
📌 අම්පාර දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000
📌 මඩකලපුව දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයට නාලක සිල්වා සම්බන්ධ බව තහවුරුයි…

colombotoday

අත්අඩංගුවට ගත්තොත් රවී බැදුම්කර හොරු ගැන සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමේ හූල්ට චෝදනා

colombotoday

ඌව පළාතේ සිසුන් 200ට අඩු සියලු පාසල් විවෘත කිරීමට සැලසුම්

colombotoday

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

colombotoday

ඉඩම් අමාත්‍යධූරය රාජිතගේ පුතා චතුර ඉල්ලයි

colombotoday