Colombo Today Local News

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21)දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මේ සඳහා අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක් විකාශය කිරීමට මෙහිදී අනුමැතිය හිමිවී තිබේ.

මේ අතර නොවැම්බර් 09 වැනි අඟහරුවාදා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා කමිටුවේ) වාර්තා ත්‍රිත්වයකට අදාළව සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය වී ඇත.

පසුගිය ජූලි 20, ඔක්තෝබර් 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තා ත්‍රිත්වයට අදාළව රජය විසින් ගෙන එන යෝජනාවක් ලෙස මෙම සභාව කල් තැබීමේ විවාදය එදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

තවද ලබන 08 වැනි සඳුදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස සම්පූර්ණ දිනයම චාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

මේ අනුව පැවති කොවිඩ් තත්ත්වය නිසා පාර්ලිමේන්තු රැස්වීම් සීමා කිරීමට සිදුවූ බැවින් පාර්ලිමේන්තුවේදී ඇසීම‍ට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50 ක් සඳහා මෙදින පෙ.ව 10.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කර තිබේ.

මේ අනුව ලබන 08, 09, 10, 11 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 12 වැනි සිකුරාදා ප.ව 2.00 ට 2022 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා සෙනසුරාදා ද ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වේ.

නොවැම්බර් 10 වන බදාදා පෙ.ව 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ඉන් අනතුරුව පෙ.ව 10.30 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.

ඉන්පසු පෙ.ව 11.00 සිට පෙ.ව 4.30 දක්වා 2021 මුදල් වර්ෂයට අදාළ 2020 අංක 7 දරන විර්ජන පනත සංශෝධනය සඳහා වූ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආගාමික හා විගාමික (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කොට සම්මත කරගැනීමට නියමිතය.

නොවැම්බර් 11 වන බ්‍රහස්පතින්දා පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇත.

ඉන්පසු පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධාන) (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත, ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ පනත යටතේ නියෝගය, ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනේ.

නොවැම්බර් 10 සහ 11 යන දෙදිනම ‍ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමටත් වෙන් කර ඇත.

Related posts

ලංකාවෙන් නොමිළේ ශරීයා නීති උපාධියක්.. දැවැන්තම ඉස්ලාම් විශ්වවිද්‍යාලය මඩකලපුවේ ඉදිවේ

colombotoday

මූල්‍ය අරමුදලත් දැන් තාලය වෙනස් කරලා – කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි

Admin

එජාප යේ 50ක් ගෝඨා ට එක්වෙන්න සූදානම්, නවත්ත ගත්තේ සල්ලි දීලයි – ජවිපෙ බිමල්

colombotoday

ගුවන් තොටුපොළවල් තුනක් පසුගිය වසර හතරේදී කෝටි 200ක් පාඩු ලබලා

Admin

නීති විරෝධී මත්පැන් පොලිසියට අල්ලන්න බෑ

colombotoday

මධුෂ් වෙන රටකට පැනීමේ සූදානමක්

colombotoday