Colombo Today Local News

ගුවන් තොටුපොළවල් තුනක් පසුගිය වසර හතරේදී කෝටි 200ක් පාඩු ලබලා

රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ.

කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අඛණ්ඩව අලාභ ලබා ඇති අතර එම ගුවන් තොටුපොළ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 169 කට අධික බව ඒ වාර්තාවේ දැක්වේ.

රත්මලාන ගුවන් තොටුපොළ පසුගිය වර්ෂයේ දී පමණක් ලැබූ අලාභය රුපියල් කෝටි 46 කට අධික බව පෙන්වා දෙන වාර්තාව ගුවන් යානා සංචලන සංඛ්‍යාව 2020 සහ 2021 වර්ෂවලදී වසරකට දහතුනක් බවද සඳහන් කරයි.

එසේම මගී සංචලනයන් පිළිවෙළින් 60 සහ 28 ක් ලෙස පැවතුණු බවද විගණන වාර්තාවේ දැක්වේ.

Related posts

ජනාධිපතිවරණ කාලයේදී මාධ්‍යයට ප්‍රකාශ නොකරනු. සජිත් පාර්ශවයෙන් රංජන්ට තහනමක්

colombotoday

රාජිතගේ පුතා මගේ දුව පැහැරගෙන ගියා – පියා පැමිණිලි කරයි

colombotoday

වෙඩි උණ්ඩ වලට මුහුණ දෙමින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහි සටන ඉදිරියට කරනවා

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

colombotoday

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday