Covid 19

පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී කොවිඩ් මාරයා බිලිගත් පළමු මරණය වාර්තා වෙයි

කොවිඩ් රෝගයේ අතුරු ප්‍රතිඵලයක් නිසා වැළඳෙන කළු දිලීර රෝගය සම්බන්ධයෙන් සිදු වූ පළමු මරණය වාර්තා වී තිබේ.

මෙම මරණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී ඇත.

මියගිය පුද්ගලයා 56 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෙකි.

මේ පුද්ගලයා සැප්තැම්බර් මස 29 වන දින මිය ගොස් තිබෙන අතර එම පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සැප්තැම්බර් මස 29 වන දින යොමු කර තිබේ.

මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව ඊයේ (21) දින ලැබුණු බවත් ඒ අනුව මියගිය පුද්ගලයාගේ පෙනහැල්ලේ කළු දිලීරය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසා ඇත.

Related posts

නව ආසාදිතයින් 2,245ක්

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

නුවරඑළියේ ළමා නිවාසයක 45ට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

colombotoday