Colombo Today Local News

TNA විරෝධයෙන්, ඔඩ්ඩුසුඩාන් පොලීසිය විවෘත කිරීම නවතී

tna poloiceමුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි ඔඩ්ඩුසුඩාන් හි හා වවුනියාවේ පිහිටි නැදුන්කේනි හි පොලිස් ස්ථාන දෙකක හෙට (25) උදැසන උත්සවත්ශ්‍රියෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබුනද දෙමල ජාතික සන්ධානයේ විරෝධයක් හෙතුවෙන් ඊට අදාළ උත්සවය දින නියමයකින් තොරව කල්දමා ඇත.

විෂයබාර අමාත්‍ය සාගල රත්නායක මහතාගේ සහ පොලිස්පතිවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබු එම උත්සවය සම්බන්ධයෙන් ප්‍රදේශයේ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් දැනුවත් කර නොමැති බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. සුමන්තිරන් මහතා ඉදිරිපත් කර තිබු විරෝධය සැලකිල්ලට ගෙන රජය එම උත්සවය කල්දමා ඇත.

ඉතා විශාල වියදමක් දරා ඉඳිකළ එම පොලිස් ස්ථාන දෙකෙහි සංවිධානය කෙරෙන උත්සවය වෙනුවෙන් අද දිනයේ තෝරන් ධජ පතාක හා කොඩි වැල් එල්ලා තිබිණ.

Related posts

රිය අනතුරකින් කාන්තාවක් මියයි

colombotoday

සෙට්ටිකුලමේ දී පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

හැටන් දුම්රිය ස්ථානයේ අභිරහස් මරණයක්!

Admin

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday