Colombo Today Local News

පැය 5ක් අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද (21) දිනයේත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව A සිට L දක්වා වු කලාප 12 සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා පැයයි මිනිත්තු 40 කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

ඊට අමතරව P සිට W දක්වා වු කලාප 8 සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 40ක් සහ පස්වරු 5 සිට රාත්‍රි 10.30 දක්වා පැය 1යි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ඉල්ලීමට අනුව අදාළ විදුලි කප්පාදුව සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මේ වන විට විදුලි ඉල්ලුම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.

ඇය පෙන්වා දෙන්නේ, විදුලි ඉල්ලුම ඉහළ ගියද විදුලි නිෂ්පාදන කටයුතු තවදුරටත් අඩුවෙමින් පවතින බවය.

Related posts

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

colombotoday

නීති විරෝධීව බෙදා දීමට සැලසුම් කළ සමෘද්ධි හිමිකම් පත‍්‍ර ලක්‍ෂ 8ක් මැකො අත්හිටුවයි

colombotoday

එජාපය කනපිට හරවන රුවන් විජයවර්ධන කමිටු වාර්තාව මෙන්න

colombotoday

ඉල්ලා අස්වෙනු ! ජනපති බදියුදීන්ට දන්වයි…

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday

දින ගණනක මෙහෙයුමකින් අයිස් – හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදාව අල්ලයි

Admin