Colombo Today Local News

විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද (21)දින නිකුත් කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරන්නේ,මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බවයි.

ඊට අමතරව දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට කෙරෙන කැඳවීම් නව චක්‍රලේඛයෙන් සීමා කෙරෙනු ඇති.

හැකි සෑම අවස්ථාවකදීම zoom ඔස්සේ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වන ලෙස ද උපදෙස් දුන් බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

ඊට අමතරව අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පමණක් රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත කරන ලෙස ද, නව චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබේ.

Related posts

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙකු අත්අඩංගුවේ

colombotoday

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

කොවිඩ් වෛරස ව්‍යාප්තියේ බලපෑම සෞඛ්‍ය අංශයටත්. අවධානයෙන් කටයුතු කරන්නැයි අමාත්‍යාංශය පවසයි

colombotoday

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

Admin

යහපාලනයත් ඥාති සංග්‍රහ අරඹයි. ජනපති ගජ මිතුරු බෑණා නීතියට පිටින් ලන්ඩන් තානාපති සේවයට.

colombotoday