Colombo Today Local News

පළාත් සභා ඡන්දය තිබ්බොත් ආණ්ඩුව ගෙදර. මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් – මෛත්‍රී පවසයි.

පළාත් සභා ඡන්දය තිබ්බොත් ජනතාව ආණ්ඩුව ගෙදර යවන බවත් මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් බවත් මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ නෝර්වුඩ් සිව සුබ්‍රමණියම් ස්වාමි හින්දු කොවිල ශාලාවේ ප්‍රදේශයේ ජනතාවගේ ගටළු සාකච්චා කිරිම සදහා පැවති රැස්වීමකදීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු මෛත්‍රි ගුණරත්න මහතා මෙසේද පැවසීය.

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

අද පළාත් සභා ඔක්කොම විසුරුවාහැරලා තියෙන්නේ. අද කිසිම පළාත් සභාවක් නෑ. අද පළාත් සභාවල බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයා ළඟ.ආණ්ඩුකාරවරයා තමයී අද මහ ඇමති. ආණ්ඩුකාරයා තමයී අද ඇමති. ඒ නිසා අද පළාතේ බලවත්ම පුද්ගලයා වෙලා තියෙන්නෙ ආණ්ඩුකාරයා. තියෙන ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්නෑ. වැරදියි. අපේ රටේ නීතිය අනුව වසර පහෙන් පහට පළාත් සභා තියන්න ඕන. නමුත් මේ ආණ්ඩුව පළාත් සභා තියන්න බයයි.ප්‍රාදේශිය සභා තිබ්බා එකෙන් ආණ්ඩුව ලොකු ප්‍රශ්නයකට මුහුණපෑව. දැන් දන්නවා පළාත් සභා තිබ්බොත් ජනතාව පළාත් සභාවෙනුත් ආණ්ඩුව ගෙදරයවන එක තමයී කරන්නේ. ඒ නිසා පළාත් සභා තියන්නෙත් නෑ.පළාත් සභා තියන්නැති එක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීයි. ජනතාව තීන්දු කරන්න ඕන කවුද තමුන්ගේ නියෝජිතයා කියලා. ජනතාව පත්කරගන්න ඕන ජනතාවට සේවය කරන්න නියෝජිතයව. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකක්ද ආණ්ඩුකාරයාට තමයී බලය තියෙන්නේ. ආණ්ඩුකාරයා තමයී සම්පුර්ණ බලය මෙහෙයවන්නේ.මම හිතන විදියට තව අවුරුද්දකට මේ රටේ පළාත් සභා තියන්නේ නෑ. මේ රටේ තියෙන පළවෙනි මැතිවරණය තමයී ජනාධිපතිවරණය.

Related posts

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

“සීමාව ඉක්මවා ඇදහීමෙන් භයානක ප්‍රතිඵල“ – ‘පූර්ව මුස්ලිම් ජාතිකයන්ගෙන්‘ විශේෂ පණිවිඩයක් !

colombotoday

“අවුරුදු සමයේ සාප්පු සවාරි යන්න එපා“ විශේෂඥ වෛද්‍යවරියකගෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

අළුත්ගම සිංහල මුස්ලිම් ගැටුම ඇතිකලේ රාජිත සේනාරත්න

colombotoday

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday