Colombo Today Local News

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙක් මරුට

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (19) රාත්‍රී 10.00ට පමණ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් අදාළ දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත්කර ඇත.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අය-වැයට එරෙහිව රට පුරා අද වර්ජන!

colombotoday

අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැ

colombotoday

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය – කන්නි විග්නරාජා

Admin

පසුගිය මාස 15 දී සෑම පුද්ගලයෙකුම එක් ලක්ෂ පනස් එක් දහසකින් ණය කාරයින් කරලා

colombotoday

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට

colombotoday

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday