Colombo Today Local Newsfeatured

කොළඹ වාරයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිටි MSC Messina නෞකාවේ ගින්නක්

මහා රාවණා ප්‍රදීපාගාරය සිට නාවික සැතපුම් 480ක් නැගෙනහිරින් යාත්‍රාකරමින් ඇති MSC Messina නෞකාවේ එන්ජින් කාමරයේ ගින්නක් ඇති බවට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කර සිටියි.

මේ පිළිබඳව සමුද්‍ර පුවත් වාර්තා කරන fleetmon වෙබ් අඩවිය ද වාර්තා කර ඇත.

එම්එස්සී මෙසිනා නම් බහාලුම් නෞකාව ඉන්දියානු සාගරයේ ගමන්කරමින් සිටියදී ශ්‍රී ලංකාව සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ප්‍රදේශයේදී එන්ජින් කාමරය ගින්නකට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

නෞකාව දැනට අක්‍රීය කර ඇති අතර, ගිනිගන්නා මොහොත වන විට නැව කොළඹ වාරයේ සිට සිංගප්පූරුව දක්වා ගමන් කරමින් සිට ඇත.

Related posts

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් යවලා

colombotoday

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට සුභපතනවා” පරාජයෙන් පසු සජිත් ප්‍රේමදාස පැවැත්වූ කතාව

colombotoday

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

colombotoday

පාසල් සිසුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

Admin

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

Admin