Covid 19

සහකාර ධීවර අධ්‍යක්ෂ කොවිඩ් ආසාදනය වී මිය යයි

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කය භාර සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (24දින ඒ මහතා මියගොස් ඇත.

ඒ මහතා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් පීඩාවට පත්වූ ධීවරයින්ට වන්දි ලබාදීම වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ නිලධාරියෙකු බව ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ධිවර ජනතාව වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා තොරතුරු රැස්කිරීමේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතවී සිටි ඒ මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්තේ එම රාජකාරී කටයුතුවල නිරතවෙමින් සිටි අවස්ථාවේදී බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

නව ආසාදිතයින් 214 දෙනෙකු හදුනා ගනී

colombotoday

කොවිඩ් ආසාදිතයින් 294ක් හදුනා ගැනේ

colombotoday

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

colombotoday

එක්සත් රාජධානියේ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 50,000ක් වීමට ඉඩ !

colombotoday

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

colombotoday

කොරෝනා ආසාදිතයින් තිදෙනෙක්

colombotoday