World

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

අමෙරිකාවේ නාසා ආයතනය මගින් නිර්මාණය කළ රෝවර් යානය අඟහරු ග්‍රහයා මත සාර්ථකව ගොඩබැස තිබේ.

“හොඳ ප්‍රවෘත්තිය තමයි මම හිතන්නේ එම යානය හොඳින්…කිසිම ගැටලුවක් නෑ,” එම ව්‍යාපෘතියේ නියෝජ්‍ය කළමනාකරු මැට් වොලස් පැවසීය.

මෙම රෝවර් යානය සමග ශ්‍රී ලංකික නමක් ද ඈඳෙයි.

ඒ එම යානයේ විද්‍යුත් පරිපථය නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකික කාන්තාවක් වීම හේතුවෙනි.

ඇය ගල්කිස්සේ උපන් මෙලනි නිලන්ති මහආරච්චි ය.

ඇය මේ වන විට සිය පවුලේ සාමාජිකයින් අමෙරිකාවේ සමග ජීවත් වේ.

එම යානය වසර දෙකක් පමණ අඟහරු ග්‍රහයා මත රැඳෙමින් පර්යේෂණ සඳහා සාම්පල රැස්කිරීමට නියමිතය.

එහි අරමුණ වන්නේ එම ග්‍රහයා මත ජීවය පැවතියේ ද යන්න සොයාබැලීමයි.

Related posts

ඇල්බේනියාවෙ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගෙන් දුම් බෝම්බ ප්‍රහාරයක්

Admin

ඇමරිකාව කියන්නේ අමූලික බොරු, රුසියානු මිසයිල ඉරානයට වැටුණේ නැහැ – ඉරානය

colombotoday

ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකී

Admin

රතු මුහුදේදී අමෙරිකානු නෞකාවකට හූති කැරළිකරුවන්ගෙන් ඩ්‍රෝන ප්‍රහාර

Admin

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

colombotoday