Colombo Today Local News

ග්‍රාම නිලධාරිනියට පහර දුන් ප්‍රා. සභා මන්ත්‍රීවරියගේ පොහොට්ටුවේ සාමාජිකත්වය අත්හිටුවයි

උකුවෙල තාංලිංගාමඩ ග්‍රාම නිලධාරිනි සමුද්‍ර ඒකනායක මහත්මියට පහර දුන් උකුවෙල ප්‍රාදේශීය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනි හිමාලි එරන්දිකා අබේරත්න මහත්මියගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

කොවිඩ් තත්වය හේතුවෙන් සංචරණ සිමා පැනවිමෙ හේතුවෙන් අඩු ආදායම් ලාභි පවුල් සදහා රුපියල් පන්දහසේ භාණ්ඩ මල්ල ලබා දිමේ වැඩපිළිවෙල යටතේ උකුවෙල කැන්දගොල්ලාමඩ වසමේදි අදාළ භාණ්ඩ ලබා දිමේදි ඇතිවු ගැටලු කිහිපයක් අදාළ මන්ත්‍රිවරිය සහ ග්‍රාම නිලධාරිවරිය අතර ඇතිවු කතාබහක් හේතුවෙන් මෙම පහරදිම සිදුව ඇත.

අනතුරුව මන්ත්‍රිවරිය පොලිස් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදාහරුණි.

පහරකෑමට ලක්වූ ග්‍රාමනිලධාරිවරිය මේ වන විට ජම්බුගස්පිටිය ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

පරිගණක පද්ධතියේ නඩත්තුව අවසන්.. ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි

colombotoday

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

මනුෂ්‍ය ඝාතන දෙකකට ආධාර අනුබල දුන් 4ක් අල්ලයි

Admin

සිසුවියන් ට ලිංගික අතවර කිරීමේ චෝදනාට කළුතර උපකාරක පන්ති ගුරා රිමාන්ඩ්

Admin

හම්බන්තොට වරාය චීනයට දීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday