Colombo Today Local News

හරක් කටා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝගයක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එම නියෝගය ලබා දී ඇත.

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර නිවසේ හිමිකරු සතු රුපියල් 20,000ක මුදලක් හා මෝටර් රථයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද විත්තිකරුට චෝදනා එල්ල වී තිබුණි.

මේ වනවිට මියගොස් සිටින හර්ෂ යසස්ශ්‍රී ජයම්බීර නමැත්තා සමග 2015 ජුනි මස 10 වනදා මුල්ලේරියාවේ පිහිටි අනුර පාලිත පෙරේරා නමැත්තාගේ නිවසට කඩාවැදී ගිනිඅවියක් පෙන්වා මරණීය තර්ජන කර එම මංකොල්ලය සිදුකර ඇතැයි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත විත්තිකරුව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කර තිබේ.

Related posts

ජනතාව හාල්, අල, ලූණු, පරිප්පු පරිභෝජනය කරන බව අමතක කල 2019 අයවැය ගල් අරක්කු අයවැයක්!

colombotoday

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

මොණරාගල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

ශ්‍රීපාද අඩවියේ අරාබි ඉදිකිරීම තාවකාලිකව නවතී !

colombotoday

අන්තිම මොහොතේ ප්‍රභාකරන් බේරාගැනීමට ඉන්දීයාව කල උත්සාහයක් ගැන හෙළිදරව්වක්…

colombotoday

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

colombotoday